මෙරට ළමා මන්දපෝෂණය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානයෙන් පුරෝකථනයක්

ශ්‍රී ලංකාවේ සෑම පවුල් පහකින් පවුල් 02ක් සිදුකරන වියදම් වලින් 75%ක් සිදුකරනු ලබන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වර්තාවක දැක්වෙනවා.

අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මාසික වැටුපෙන් හෝ අදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් කරන විට, සෞඛ්‍යය සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවයි.

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ලබන වසර (2023) පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එම සංඛ්‍යාවෙන් මිලියන 2.9 ක් ළමුන් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය, මෙරට ආහාර සුරක්ෂිතතාවය තවත් පිරිහිය හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ, අනුව ඉදිරි මාසවලදී ළමා මන්දපෝෂණ තත්ත්වය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානය පුරෝකථනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42