ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනපති විශේෂ සාකච්ඡාවක (ඡායාරූප)

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (06) කොළඹ දී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම” සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් යන අය සමඟ මෙම සකච්ඡාව පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?