ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩුවේන් බ්‍රාවෝ මෙවර තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී නොමැති බව වාර්තා වනවා.
ඒ, අනුව ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මෙම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා පෙර දැනුම්දීමක් නොකරම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, 38 හැවිරිදි බ්‍රාවෝ තවමත් අයි.පී. එල්. විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
දශකයකට වැඩි කාලයක් අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ බ්‍රාවෝ 2023 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට එම කණ්ඩායමේ කළමණාකාරීත්වය පසුගිය දා තීරණය කළා.
ඔහුව වඩා අඩු මිලකට IPL කණ්ඩායමක් විසින් නැවත මිලදී ගනු ඇතැයි අපේක්ෂා කළද, ඔහුගේ නම වෙන්දේසිය සඳහා ලියාපදිංචි ක්‍රීඩක ලැයිස්තුවේ කොතැනකවත් දක්නට නොලැබීම රසිකයින් පුදුමයට පත් කරන සිදුවීමක්ව තිබෙනවා.
ඔහු පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළ අතර, බ්‍රාවෝ මේ වන විට අබුඩාබි හි පැවැත්වෙන T10 ලීගයට ක්‍රීඩා කරමින් සිටිනවා.
මේ අතර, තවත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩකයෙක් වන කිරන් පොලාඩ් ද පසුගිය දා නිවේදනය කළේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් තමන් විශ්‍රාම ගන්නා බවයි.