බ්‍රාවෝ IPL පිටියට සමුදෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩුවේන් බ්‍රාවෝ මෙවර තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී නොමැති බව වාර්තා වනවා.

ඒ, අනුව ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මෙම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා පෙර දැනුම්දීමක් නොකරම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, 38 හැවිරිදි බ්‍රාවෝ තවමත් අයි.පී. එල්. විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

දශකයකට වැඩි කාලයක් අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ බ්‍රාවෝ 2023 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට එම කණ්ඩායමේ කළමණාකාරීත්වය පසුගිය දා තීරණය කළා.

ඔහුව වඩා අඩු මිලකට IPL කණ්ඩායමක් විසින් නැවත මිලදී ගනු ඇතැයි අපේක්ෂා කළද, ඔහුගේ නම වෙන්දේසිය සඳහා ලියාපදිංචි ක්‍රීඩක ලැයිස්තුවේ කොතැනකවත් දක්නට නොලැබීම රසිකයින් පුදුමයට පත් කරන සිදුවීමක්ව තිබෙනවා.

ඔහු පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළ අතර, බ්‍රාවෝ මේ වන විට අබුඩාබි හි පැවැත්වෙන T10 ලීගයට ක්‍රීඩා කරමින් සිටිනවා.

මේ අතර, තවත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩකයෙක් වන කිරන් පොලාඩ් ද පසුගිය දා නිවේදනය කළේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් තමන් විශ්‍රාම ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17