හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදින අය මාර්ගයේදී ක්ෂණික පරීක්ෂා කරන්න උපකරණ කට්ටල 5000 ක්

මත්පැන් පානය කර රථ වාහන පදවන රියදුරන් මෙන්ම ඉදිරියේදී හෙරොයින් කොකේන්, වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන රියදුරන් ක්ෂණික පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය උපකරණ පන්දහක් මේ වන පොලිසියට ලබාදී ඇති බව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රවාහන අමාත්‍යංශයත්, කොළඹ මහනගර සභාවත්,මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පොලීසිය
එක්ව පාසල් දරුවන් වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිලිබද දැනුවත් කිරීමේ ඒකකය ආරම්භ කර තිබෙනවා.

විහාර මහා දේවී උද්‍යානය තුළ තුළ පිහිටා ඇති මෙම මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ ඒකකයේ
මාර්ග නීති,පදිකයන් සඳහා නීති,රථවාහන පැදවිය යුතු යුතු ආකාරය සහ රියදුරන් භාවිතා කළ යුතු,මාර්ග නීති පිළිබදවත් දැනුවත් කරනු ලබනවා.

මෙම අවස්ථාවට එක් වුනු පාසල් දරුවන් වෙත පා පැදි ලබා දී ඔවුන්ට මාර්ග නීති පිළිබඳ පුහුණුව ලබාදීමට ද එහිදී කටයුතු කළා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“දිනපතා කොළඹට විශාල රථ වාහන ප්‍රමාණයක් සහ මගින් පැමිණෙන බවත් ඒ පිළිබඳ කොළඹ නගර සභාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

මත්පැන් පානය කර රථ වාහන පදින අයට සහ මාර්ග නීති කඩකරන අයට රියදුරු බලපත්‍රයේ ලකුණු අඩු කරන ක්‍රමයක් හදලා තියෙනවා.ඒ අනුව වැඩියෙන් වැරදි කරන අයට රියදුරු බලපත්‍රය අහිමි වෙනවා.

අපි අලුතෙන් උපකරණ කට්ටල පන්දහක් පොලිසියට ලබාදී තිබෙනවා.හෙරොයින්, කොකේන් ,වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන පදන අයව ක්ෂණික පරීක්ෂාවට ඒ මගින් ලක් කළ හැකියි.ලබන වර්ෂය මුලදී මෙම කටයුතු ආරම්භ කරනවා.වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ .

රියදුරු බලපත් ලබා ගැනීමේ කාල සීමාවවයස අවුරුදු 17 බවට පත් කරලා තිබුණා.දරුවන්ට මෙවැනි අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් “බව ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18