ඩයනා අද පාර්ලිමේන්තුවේදී සජිත්ගෙන් කල ඉල්ලීම

රටට නැවත සංචාරකයන් එන්නට පටන් ගන්නා මේ මොහොතේ කොළඹ සිට මහනුවරට නැවත උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

නැවත ජනතාව අවුස්සා ගත්තොත් විපක්ෂ නායකවරයාට මෙවර ගුටි කන්නට වෙන්නේ පාරේ ඉන්න ජනතාවගෙන් බවද ඩයනා ගමගේ පවසයි

නැවත පෙළපාළි යන්න ලෑස්ති වෙලා ජනතාව අවුස්සාගන්න හදන්නේ නොහැකියාව පෙන්වන්න බවද හැකියාව තිබුණා නම් ගෝඨාභයට ලියුම් ලියපු වෙලාවේ වගකීම බාර ගන්න තිබු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.

“ඔබගේ නොහැකියාව ළඟ තියාගන්න .පාර්ලිමේන්තුවේ කෑගහන්න .රටට විනාශය කරන්න එපා”යනුවෙන්ද පැවැසීය.

https://youtu.be/k6uHQx1XZ0c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?