ගංජා කර්මාන්තයක පටන්ගන්න අවසර දෙන්න එපා

ගංජා වගාවට අවසර දුනහොත් එය මාරාන්තික කර්මාන්තයක් ලබන විශාල ජයග්‍රහණයක් වන නිසා අනාගත පරපුරේ යහපත උදෙසා එය වැලැක්වීමට නොපමාව කටයුතු කරන ලෙස සියලුම මහනායක හිමියන්ගෙන් ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ලිපියක් යොමුකර තිබෙනවා.

ගංජා නීතිගත කළහොත් නැවත හැරවිය නොහැකි බවත්, වර්තමානයේ ගංජා නීතිගත කර නොමැති තත්වයක් තුළ ද බරපතල ගැටලු රැසක් උද්ගත වී ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ එම ලිපියෙන් වැඩි දුරටත් පවසනවා.

එම ලිපියේ පිටපත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 13 කට ද යොමුකර තිබේ. 

  1. ගංජා හරි විකුනලා අපිව හොරා නොකා බදු අඩුකරපල්ලා දැනුවත් කරන්න
    අනේ හාමුදුරුවෝනේ සාසනේ බෙිරගන්න.නැත්නම් පන්සල් වල තියන වත්කමි ටිකවත් අරං අසරණ අයට බෙදල දෙන්න බදන් ඉන්නෙ නැතිව.🙏