spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංජා කර්මාන්තයක පටන්ගන්න අවසර දෙන්න එපා

ගංජා වගාවට අවසර දුනහොත් එය මාරාන්තික කර්මාන්තයක් ලබන විශාල ජයග්‍රහණයක් වන නිසා අනාගත පරපුරේ යහපත උදෙසා එය වැලැක්වීමට නොපමාව කටයුතු කරන ලෙස සියලුම මහනායක හිමියන්ගෙන් ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ලිපියක් යොමුකර තිබෙනවා.

ගංජා නීතිගත කළහොත් නැවත හැරවිය නොහැකි බවත්, වර්තමානයේ ගංජා නීතිගත කර නොමැති තත්වයක් තුළ ද බරපතල ගැටලු රැසක් උද්ගත වී ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ එම ලිපියෙන් වැඩි දුරටත් පවසනවා.

එම ලිපියේ පිටපත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 13 කට ද යොමුකර තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?