පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ වැල්ලමපිටිය, සේදවත්ත ප්රදේශයේ දී තරුණයන් පිරිසක් විසින් මත්පැන් පානය කරමින් සිටියදී හටගත් ආරවුලක දී එක් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ජේසු සරන් නැමති 24 හැවිරිදි තරුණයෙක් මෙලෙස මියගොස් ඇති අතර, මියගිය තරුණයාගේ සිරුර කිරිඳිවැල ප්රදේශයේ කැලෑබද ප්රදේශයකට රැගෙන ගොස් එහිදී පුළුස්සා දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව පිලිස්සූ මළ සිරුරේ කොටස් කොස්ගම පොලිස් බල ප්රදේශයට අයත් ඇස්වත්ත පාලම මතින් කැළණි ගඟට දැමූ බවයි සැකකරුවන් පොච්චාරණය කර තිබෙනවා.
ඒ, අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් නාවික හමුදාවේද සහාය ඇතිව එම ශරීර කොටස් සෙවීමේ මෙහෙයුමක් අද දහවල් ක්රියාත්මක කරනු ලැබුවා.
අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්රාත් චම්පා සී. චන්ද්රදාස මහත්මිය විසින් එම ස්ථානයේ මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකළ අතර අස්ථි කොටස් සෙවීමේ මෙහෙයුම් ද මහේස්ත්රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදු කෙරෙනවා.










