දකුණු කොරියාවේ වෘත්තිය පුහුණු හා ශිෂ්ය හුවමාරු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා නව අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතව තිබෙනවා.
කම්කරු අමාත්යාංශය යටතේ ක්රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්ය ආයතනය මගින් තෝරාගනු ලබන ශ්රී ලාංකික සිසුන්ට, කොරියානු ජනරජයේ චැංෂින් විශ්වවිද්යාලයේ උසස් අධ්යාපනය ලැබීමට මෙහිදී අවස්ථාව උදාවනවා.
මේ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමට හෙට (02) දිනයේ දකුණු කොරියාවේ දී සිදුවනු ඇති බවයි කම්කරු අමාත්යංශය සඳහන් කළේ.
මේ සඳහා කම්කරු කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ පසුගිය 30 වනදා දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
අධ්යාපනයෙන් අනතුරුව එම සිසුන්ට ග්යොංසංනම්-ඩෝ පළාතේ කර්මාන්ත ආයතනවල රැකියා අවස්ථාද, එම පළාතේ දීර්ඝකාලීනව පදිංචිවීමේ අවස්ථාවද ලබා දීමට මෙමඟින් අපේක්ෂිතයි.
