2026 හොංකොං සික්ස්සස් ක්රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.
ඒ, එම තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගය මෙරට වේලාවෙන් අද (01) ප.ව. 12.40ට ආරම්භ වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්රේලියා කණ්ඩායම නියමිත් පන්දුවාර 06 අවසානයේ ලකුණු 115ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව, පන්දු 36කින් ලකුණු 116ක් රැස්කර ගැනීමේ ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානය කඩුලු 02ක් පමණක් ලබා දෙමින් එම ඉලක්කය පහසුවෙන් හඹා ගියා.
එම ජයත් සමඟ, ඉතිහාසයේ ප්රථම වතාවට හොංකොං සික්ස්සස් ක්රිකට් තරගාවලියේ ශුරතාවය දින ගැනීමට ඇෆ්ගනිස්තානයට හැකියාව ලැබුණා.
මෙම තරගාවලියේ ශ්රී ලංකාව හිමිවූයේ 07වැනි ස්ථානයයි.










