වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් (Lubricants) සහ ග්රීස් (Grease) ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිමය අවශ්යතා ක්රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 27 වැනිදා සිට 30 දක්වා දිවයිනේ ප්රදේශ රැසක විශේෂ වැටලීම් සහ වෙළෙඳපොළ පරීක්ෂණ සිදුකර තිබෙනවා.
එහිදී, ලිහිසි තෙල් සහ ග්රීස් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කර ඇති විධාන අංක 88 උල්ලංඝනය කර ඇති බවට සැක කෙරෙන සිද්ධි 98ක් වාර්තා වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, විවිධ ලිහිසි තෙල් වර්ග සහ ග්රීස් අලෙවි කළ වෙළෙඳ ආයතන මෙම පරීක්ෂණවලට ලක්ව ඇති අතර, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ රැසක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
නිසි අවසරයකින් තොරව ආනයනය කරන හෝ නිෂ්පාදනය කරන ලිහිසි තෙල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමත්, පාරිභෝගිකයන්ට විශ්වාසනීය සැපයුම් මාර්ග ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීමත් මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.










