කන්ටේනර් 323 ගැන සොයන කමිටුවේ වාර්තාව අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා බොරු

ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ අදාළ වාර්තාව සකස්කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඒ, අනුව ලබන සතියේ අගවන වනවිට අදාළ වාර්තාව සකසා අවසන් කරගත හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා එම වාර්තාව දෙසැම්බර් 21ට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බවයි පැවසුවේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් අවධාරණය කළේ අදාළ කමිටුවේ වාර්තාව අස්ථාන ගතවී ඇති බවට සිදුකරන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම වැරදි ඒවා බවයි.

කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීමෙ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාර කටයුතු කරනවා.