අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න මහා භාණ්ඩාගාරයෙන් බිලියන 2ක්

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මේ වනවිට ඖෂධ ආනයනකරුවන් සඳහා පමණක් රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පිළිකා රෝගීන්ගේ බෙහෙත් ඇතුළු ජීවිත ආරක්ෂක ඹෟෂධ වර්ග 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 384කින් වර්ග 151ක් මේ මොහොතේ මෙරට නොමැති බවත් දැනට හිඟ ඖෂධවලින් වර්ග 60ක් ලබන සතියේ මෙරටට ආනයනය කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !