තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු සිව් දෙනකු වෙළඳසැල් හිමිකාරිය ට පහර දී ඇය පැළඳ සිටි රන් මාලය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. මහරගම ඇරැව්වල වෙළඳසැලකට මෙලෙස කොල්ල කරුවන් පැමිණ ඇති අතර තියුණු ආයුධවලින් පහරකෑ කාන්තාව තුවාල ලබා සිහිසුන්ව වෙළඳසැල තුල ඇද වැටුණු අවස්ථාවේ ඇය පැළඳ සිටි රන්මාලය හා දේපළ කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
කොල්ලො කරුවන් පැමිණි බව කියන ත්රිරෝද රථයේ අංකය හා වර්ණය පිළිබඳව පොලීසියට ලබාදී ඇති තොරතුරු මත සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය පැවසීය.
පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව අසල්වාසීන් විසින් සුවසැරිය ගිලන් රථය කැඳවා ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත යවා ඇති බවද පොලිසිය පවසයි.













