ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ නව පාලකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නිවේදක අමිත් කරුණාරත්න මහතා පත්කර තිබේ.
රුහුණු සේවය ආරම්භක යුගයේ සිට ශිල්පියෙකු ලෙසත් සහන නිවේදයෙකු ලෙසත් එක්වන අමිත් පසුව ජාතික ගුවන් විදුලියේ ප්‍රවීන ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු ලෙස ක්‍රීඩා ලෝලින් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය. 90 දසකයේ මැද භාගයේ සිට ස්ථිර ගුවන්විදුලි නවේදකයකු ලෙස රුහුණු සේවයට එක්වන අමිත් නව තනතුර ලැබෙන විට එහි ජ්‍යෙෂ්ඨ නිවේදක ලෙස කටයුතු කරමින් සිටියේය.
වසර දෙකකට වැඩි කාලයක් රුහුණු සේවයේ තිබූ අරාජික තත්වය හා අසන්නන් ප්‍රියකරන වැඩසටහන් කප්පාදුව හා මුදල් ඉපයීමේ විනිවිධ භාවයකින් තොර බව නිසාත් ඇතිව තිබූ පරිපාලනමය තත්වය මත අසන්නන් රුහුණු සේවයෙන් ඉවත්වෙමින් සිටියදී රහුණු සේවය හා එහි ශ්‍රාවක ප්‍රජාව ගැන දන්නා අමිත් කරුණාරත්න වැන්නකු නව පාලකවරයා ලෙස පත්වීම විශේෂ අවස්ථාවක් බව ශ්‍රාවකයින්ගේ අදහසයි.
විගණන විමසුමකින් පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හා කළමනාකරණ කමිටුව විසින් අමිත් කරුණාරත්න මහතා නව තනතරුට පත් කර ඇති අතර කලක සිට රුහුණු සේවය ජනතාව අතරට ගෙන යන්නට සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ අමිත් කරුණාරත්න මහතා මාතර රාහුල විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකි.
ඔහු මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේද උපදේශකවරයෙකු ලෙසත් මාතර දිස්ත්‍රික් බලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් කටයුතු කරයි.













