රුහුණු සේවයේ මුල් පුටුව ජ්‍යෙෂ්ඨ නිවේදනයක අමිත් කරුණාරත්නට

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ නව පාලකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නිවේදක අමිත් කරුණාරත්න මහතා පත්කර තිබේ.

රුහුණු සේවය ආරම්භක යුගයේ සිට ශිල්පියෙකු ලෙසත් සහන නිවේදයෙකු ලෙසත් එක්වන අමිත් පසුව ජාතික ගුවන් විදුලියේ ප්‍රවීන ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු ලෙස ක්‍රීඩා ලෝලින් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය. 90 දසකයේ මැද භාගයේ සිට ස්ථිර ගුවන්විදුලි නවේදකයකු ලෙස රුහුණු සේවයට එක්වන අමිත් නව තනතුර ලැබෙන විට එහි ජ්‍යෙෂ්ඨ නිවේදක ලෙස කටයුතු කරමින් සිටියේය.

වසර දෙකකට වැඩි කාලයක් රුහුණු සේවයේ තිබූ අරාජික තත්වය හා අසන්නන් ප්‍රියකරන වැඩසටහන් කප්පාදුව හා මුදල් ඉපයීමේ විනිවිධ භාවයකින් තොර බව නිසාත් ඇතිව තිබූ පරිපාලනමය තත්වය මත අසන්නන් රුහුණු සේවයෙන් ඉවත්වෙමින් සිටියදී රහුණු සේවය හා එහි ශ්‍රාවක ප්‍රජාව ගැන දන්නා අමිත් කරුණාරත්න වැන්නකු නව පාලකවරයා ලෙස පත්වීම විශේෂ අවස්ථාවක් බව ශ්‍රාවකයින්ගේ අදහසයි.

විගණන විමසුමකින් පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හා කළමනාකරණ කමිටුව විසින් අමිත් කරුණාරත්න මහතා නව තනතරුට පත් කර ඇති අතර කලක සිට රුහුණු සේවය ජනතාව අතරට ගෙන යන්නට සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ අමිත් කරුණාරත්න මහතා මාතර රාහුල විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකි.

ඔහු මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේද උපදේශකවරයෙකු ලෙසත් මාතර දිස්ත්‍රික් බලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් කටයුතු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05