පසුගිය 17 වනදා රට පුරා වාර්තා වූ සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම විසිනුයි අදාළ වාර්තාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමුකර ඇත්තේ.
පසුගිය 17 වනදා පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බව අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.
ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ සංඛ්යාතය හර්ට්ස් 48.75 දක්වා පහත වැටී ඇති අතර, එම සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතිය බිඳවැටී ඇති බවයි ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම නිකුත් කර ඇති වාර්තාවේ පෙන්වා දී ඇත්තේ.
ජාතික විදුලි පද්ධතියේ සංඛ්යාතය පහත වැටෙන අවස්ථාවේ දී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්රියාත්මකවන ස්වයංක්රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්රමවේදයේ අදියර පහම එම අවස්ථාවේ දී ක්රියාත්මක වී ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන්.
ඒ, අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී ඇති අතර, බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.
අදාළ සිදුවීමෙන් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම නිකුත් කළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
