ක්රිප්ටෝ මුදල් හුවමාරු දැවැන්තයෙකු වන ‘බයිනෑන්ස්’ සමාගම වාර්තාගත ඩොලර් බිලියන 6.3 ක සයිබර් මංකොල්ලයකට මේ වනවිටත් ගොදුරු වී ඇති තිබෙනවා.
බ්ලොක්චේන් බුද්ධි සමාගම් මෙම ප්රහාරය උතුරු කොරියාවට සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය බ්රහස්පතින්දා රාත්රිය වන විට, එක්සත් ජනපදයේ ප්රධාන ක්රිප්ටෝ වේදිකා විසින් ඩිජිටල් අරමුදල් සොයා ගැනීමට සහ සුරක්ෂිත කිරීමට පැවති ඉහළ මට්ටමේ තරඟයකදී සොරකම් කරන ලද වත්කම්වලින් ඩොලර් බිලියන 03ක් පමණ සාර්ථකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
‘බයිනෑන්ස්’ සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ ලැප්ටොප් පරිගණකයක් හැකර්වරයෙකුට නිරාවරණයවීමෙන් මෙම සොරකම ආරම්භවී ඇති බව දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
අනතුරුව බයිනෑන්ස් ජාලයේ තිබූ ආරක්ෂක හිඩැස් ඔස්සේ පද්ධතියට ඇතුළුවීමට හැකර්වරු සමත්ව ඇති බවයි තව දුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මේ අතර සොරකම් කරන ලද මුදල් හඳුනාගැනීමට, කැටි කිරීමට, සොයා ගැනීමට සහ ආපසු ලබා ගැනීමට පැය විසිහතර පුරාම වැඩ කරන බව එක්සත් ජනපද රහස් සේවය පවසනවා.
මූල්ය අපරාධ විමර්ශනය කිරීම සඳහා ඇමරිකාවේ ප්රමුඛ ෆෙඩරල් ඒජන්සිය, වගකිව යුතු සයිබර් අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවන බව පැවසූ අතර, ‘බයිනෑන්ස්’ සමාගම ද FBI ආයතනය සමඟ කටයුතු කරන බව වාර්තා වනවා.
මේ අතර සිය හුවමාරුව හරහා ක්රිප්ටෝ මුදල් ඉවත්කරගැනීම ‘බයිනෑන්ස්’ සමාගම මඟින් තාවකාලිකව අත්හිටුවා ඇති අතර,
එම සමාගම ප්රකාශ කර ඇත්තේ තම පාරිභෝගිකයන්ගේ සියලුම තැන්පතු සුරක්ෂිත බවත්, පාරිභෝගිකයන්ට සිදුවූ සෑම පාඩුවක්ම සමාගම පියවන බවයි.
ඒ සඳහා ඩොලර් බිලියන 6.3ක් දැනටමත් වෙන්කර ඇති බවත් එහි ප්රධාන විධායක නිලධාරී රිචඩ් ටෙන් ප්රකාශ කර තිබෙනවා.
දැනට අනාවරණ වී ඇත්තේ මෙම හැකර් ප්රහාරය පිටුපස ට්රේඩර් ට්රෝටර් නම් උතුරු කොරියානු හැකර්වරුන් පිරිසක් සිටින බවයි.
සයිබර් අවකාශයේ මූල්ය සොරකම් තුළින් ආදායම් උපයන බවට උතුරු කොරියාවට චෝදනා එල්ලවන්නේ වසර ගණනාවක සිටයි.
