ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක්

එළඹෙන මාස තුන සඳහා ඉන්ධන සහනාධාර ලබාදීමේ දී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාර මුදලක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

අද (30) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ බර සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොදමා කොටසක් රජය විසින් දරා යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සම්පූර්ණ මිල ඉහළයාමේ බර දරාගැනීමට සමාගම්වලට ද ඉඩ නොදී එම සමාගම්වලටත් යම් සහනයක් සැලසීම මෙම සහනාධාරයේ අරමුණක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“රුපියල් 70ක සහනාධාරය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ එම සමාගම්වල පාඩුව පියවා ගැනීමට. ඒ සමාගම් විසිනුත් කිසියම් මුදලක් මේ අවස්ථාවේ දී දරන්න සිද්ධ වෙනවා.”

මේ අතර මෙම සහනාධාරය ලබාදීමත් සමඟ පෞද්ගලික ඉන්ධන සමාගම් අවම වශයෙන් හෝ තොග නිකුත් කරනු ඇති බව විශ්වාසකරන අමාත්‍යවරයා ඒ සමඟ පවතින ඉන්ධන හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05