කැබිතිගොල්ලෑවේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

ඊයේ (31) රාත්‍රියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අනුරාධපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (01) උදෑසනත් වයස අවුරුදු 30ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා රඹකැපූවැව ප්‍රදේශයේ අයවලුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඇති වූ කලහකාරී සිද්ධිය අතර තුර පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි අද (01) උදෑසන වාර්තා වුණේ.

රඹකැපූවැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (31) රාත්‍රියේ මෙම කලහකාරී තත්ත්වය ඇතිව තිබුණා.

https://youtu.be/Xkf2qs8HvnQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33