ආයුධ කල්ලියක ප්‍රභලයෙකු අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක වූ ආයුධ කල්ලියක ප්‍රභල සාමාජිකයෙකු තියුණු කඩු තුනක්ද සමගින් යාපනය තාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය තාවඩි ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව නිවස පරික්ෂා කිරීමේදී සඟවා තිබූ තියුණු කඩු 03ක්ද සොයාගනු ලැබීය. යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන රැසක පුද්ගල පහරදීම්, බියවැද්දීම්, තුවාල සිදුකිරීම් නිවාස මංකොල්ල කෑම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට පොලීසියට අදාල සැකකරු අවශ්‍ය කර තිබූණී.

අත්අඩංගුවට පත් ආයුධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක්ගෙන් පොලීසිය විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මීට පෙරද ප්‍රධාන සැකකරු පිළිබඳව තොරතුරු අනාවරනය වීමෙන් පසුව මෙම ප්‍රභල සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තාවඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු වන අතර සැකකාර තරුණයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46