spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආයුධ කල්ලියක ප්‍රභලයෙකු අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක වූ ආයුධ කල්ලියක ප්‍රභල සාමාජිකයෙකු තියුණු කඩු තුනක්ද සමගින් යාපනය තාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය තාවඩි ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව නිවස පරික්ෂා කිරීමේදී සඟවා තිබූ තියුණු කඩු 03ක්ද සොයාගනු ලැබීය. යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන රැසක පුද්ගල පහරදීම්, බියවැද්දීම්, තුවාල සිදුකිරීම් නිවාස මංකොල්ල කෑම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට පොලීසියට අදාල සැකකරු අවශ්‍ය කර තිබූණී.

අත්අඩංගුවට පත් ආයුධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක්ගෙන් පොලීසිය විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මීට පෙරද ප්‍රධාන සැකකරු පිළිබඳව තොරතුරු අනාවරනය වීමෙන් පසුව මෙම ප්‍රභල සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තාවඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු වන අතර සැකකාර තරුණයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?