බෙංගාල බොක්ක ආශ්රිතව පැවැති ඕර්නබ් (Arnab) සුළි කුණාටුව බලපෑම මේ වන විට තරමක් පහව ගොස් ඇති බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා
බටහිර හා මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවැති ඕර්නබ් සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශය හරහා ගොඩබිමට ඇතුළුවී තිබෙනවා. එබැවින් ශ්රි ලංකාවේ කාලගුණ තත්වය කෙරෙහි එම පද්ධතියේ බලපෑම ක්රමයෙන් පහව ගොස් තිබෙනවා.
එහෙත් බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්රික්කවල තරමක වර්ෂාපතනයක් පතිතවිය හැකිය.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් ප.ව.1.00න් පසු වැසි ස්වල්පයක් හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි අතර, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුර, උතුරුමැද, වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට සැතපුම් 30-40ක තරමක් තද සුළං ඇති විය හැකි බවටත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව තවදුරටත් ප්රකාශ කරනවා.
