සුගීෂ්වර බණ්ඩාර ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (28) නියෝග කළා.

ඒ, සැකකරු අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.