නෙළුම් කුලුනේ සිට ත්‍රාසජනක ක්‍රීඩා කිරිමට ඔයාටත් අවස්ථාව

නෙළුම් කුලුන මුදුනේ සිට බංගි රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ක්‍රීඩාව සිදු කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ අද (07) ගිවිසුම්ගත වුණා.

ත්‍රාසජනක ක්‍රීඩාවක් වන BUNGY JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය.

ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGY JUMPING කිරීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවනවා.

කොළඹ නෙළුම් කුලුන විශේෂ වන්නෙ, මීටර 260ක් වන දීර්ඝතම පිම්ම සිදු කිරීමේ හැකියාව පැවතීම නිසාවෙන්.

ඒ අනුව, එක් ආධාරකයක් මත ක්‍රියාත්මක වන කුලුනක සිට සිදු කෙරෙන ලොව ගැඹුරුතම පිම්මේ හිමිකාරිත්වයත් නෙළුම් කුලුන සතුවන බවයි, නෙළුම් කුලුන කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරි, විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ.

තවත් මාස දෙකකින් පමණ අදාළ අත්දැකීම විඳගැනීමට මෙරටට පැමිණෙන විදේශිකයින්ට මෙන් ම ශ්‍රී ලාකිකයින්ටත් අවස්ථාව හිමිවන බවටයි ඔහු විශ්වාසය පළ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46