spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙළුම් කුලුනේ සිට ත්‍රාසජනක ක්‍රීඩා කිරිමට ඔයාටත් අවස්ථාව

නෙළුම් කුලුන මුදුනේ සිට බංගි රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ක්‍රීඩාව සිදු කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ අද (07) ගිවිසුම්ගත වුණා.

ත්‍රාසජනක ක්‍රීඩාවක් වන BUNGY JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය.

ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGY JUMPING කිරීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවනවා.

කොළඹ නෙළුම් කුලුන විශේෂ වන්නෙ, මීටර 260ක් වන දීර්ඝතම පිම්ම සිදු කිරීමේ හැකියාව පැවතීම නිසාවෙන්.

ඒ අනුව, එක් ආධාරකයක් මත ක්‍රියාත්මක වන කුලුනක සිට සිදු කෙරෙන ලොව ගැඹුරුතම පිම්මේ හිමිකාරිත්වයත් නෙළුම් කුලුන සතුවන බවයි, නෙළුම් කුලුන කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරි, විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ.

තවත් මාස දෙකකින් පමණ අදාළ අත්දැකීම විඳගැනීමට මෙරටට පැමිණෙන විදේශිකයින්ට මෙන් ම ශ්‍රී ලාකිකයින්ටත් අවස්ථාව හිමිවන බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?