හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර් මස 4 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) නොනිසි නිකුත් කළා.
සිංගප්පූරුවේ රෝහලක දී සිදුකළ හෘද සැත්කමකට පසු වැඩිදුර ප්රතිකාර සඳහා එහි යාමට අවශ්ය බව පවසමින් මෝසමක් කර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කළ ඉල්ලීම සලක බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
