නාමල්ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 03 වැනිදාට කල්යයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ඇප ලබා ⁣ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය සම්බන්ධයෙන් අදාල ඇප නියෝග ලබන 03 වැනිදා සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (28) නියෝග කළා.

සිද්ධියට අදාලව මෝසම් පත්‍රයක් ගොනු කරමින් ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා සිටියේ ක්‍රිෂ් නඩුවට අදාලව ඇප ඉල්ලා ගොනු කර තිබු මෝසම අද යළි කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළා.

මෙම නඩුවට අදාලව සැකකරු ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවා.