රිෂාඩ් බද්යුදීන් එරෙහිව තිබු චෝදනාවකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවභාවිත කළ බවට වන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පිරිස මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවත්නැන්වූවන් ප්‍රවාහනය කළ බවටයි රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු තුන්දෙනෙකුට චෝදනා එල්ල වුණේ.

ලංගම බස් රථ 222 ක් මගින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට පුද්ගලයන් දොළොස්දහස් හයසිය විසිදෙනෙකු  රැගෙන ගොස් ඇති බවයි ප්‍රකාශ වුණේ. ඒ සදහා රුපියල් ලක්ෂ අනූපහකට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව පවරා තිබුණා.

රිෂාඩ් බද්යුදීන් මහතා සහ එවකට ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් යාසීර් සහ අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54