රිෂාඩ් බද්යුදීන් එරෙහිව තිබු චෝදනාවකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවභාවිත කළ බවට වන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පිරිස මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවත්නැන්වූවන් ප්‍රවාහනය කළ බවටයි රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු තුන්දෙනෙකුට චෝදනා එල්ල වුණේ.

ලංගම බස් රථ 222 ක් මගින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට පුද්ගලයන් දොළොස්දහස් හයසිය විසිදෙනෙකු  රැගෙන ගොස් ඇති බවයි ප්‍රකාශ වුණේ. ඒ සදහා රුපියල් ලක්ෂ අනූපහකට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව පවරා තිබුණා.

රිෂාඩ් බද්යුදීන් මහතා සහ එවකට ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් යාසීර් සහ අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?