පොලීසියක්ම නොමඟ යැවූ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

තම රාජකාරි කරන ස්ථානයම නොමඟ යවමින් රාජකාරිය පැහැරහැරි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.ඔහු විසින් පොලීසිය වෙත ලැබෙන පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලිකරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇත.

උසස් නිලධාරීන් නොමඟ යවමින් රාජකාරිය පැහැර හැර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවීමෙන් පසු එලෙස කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පානදුර උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයෙක් මෙලෙස වැඩ තහනම් කර තිබුණා.මීට මාස 03කට පමණ ඉහතදී පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල්හිමියකු විසින් බැන තර්ජනය කළ බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් පානදුර උතුර පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.පසුව පැමිණිලිකරු විසින් ඊට මෙතෙක් සාධාරණයක් නොවූ බවට පවසමින් පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී මෙම කොස්තාපල්වරයා පිළිබඳව අනාවරණය වී තිබේ.

පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ඒ ආකාරයෙන් තවත් පැමිණිලි 04ක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවට ද හෙළිවී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50