spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලීසියක්ම නොමඟ යැවූ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

තම රාජකාරි කරන ස්ථානයම නොමඟ යවමින් රාජකාරිය පැහැරහැරි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.ඔහු විසින් පොලීසිය වෙත ලැබෙන පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලිකරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇත.

උසස් නිලධාරීන් නොමඟ යවමින් රාජකාරිය පැහැර හැර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවීමෙන් පසු එලෙස කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පානදුර උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයෙක් මෙලෙස වැඩ තහනම් කර තිබුණා.මීට මාස 03කට පමණ ඉහතදී පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල්හිමියකු විසින් බැන තර්ජනය කළ බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් පානදුර උතුර පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.පසුව පැමිණිලිකරු විසින් ඊට මෙතෙක් සාධාරණයක් නොවූ බවට පවසමින් පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී මෙම කොස්තාපල්වරයා පිළිබඳව අනාවරණය වී තිබේ.

පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ඒ ආකාරයෙන් තවත් පැමිණිලි 04ක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවට ද හෙළිවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?