හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට පැමිණෙයි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහු සිය තීතිඥයින් මඟින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිරණයට පැමිණියා.