නාමල් රාජපක්ෂව ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නොවැම්බර් මස 19 වනදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කළා.

සැකකාර නාමල් රාජපක්ෂ මහතාව අද දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අදාල නඩුකරය නොවැම්බර් මස 19 වන දා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාරයේ මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා.