වැල්ලව පොලිස් වසමේ හිරිපිටිය මුත්තෙට්ටුගල මාර්ගයේ ගල්කන්දවත්ත ප්රදේශයේදී ඊයේ (27) දින සවස හිරිපිටිය දෙසට ධාවනය කල යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හිරිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු අවුරුදු 21 ක් වූ හිරිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
