පසුගියදා දරුවන් හා මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂ විෂ සහිත බව වාර්තා වීමත් සමග ඒ පිලිබද දැඩි අවධානයක් යොමු වුණා.
ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.ඇමතිවරයා මේ බව පැවසුවේ ත්‍රිපෝෂ සම්බන්ධයෙන් පසුගිය දිනවල පළවූ වාර්තා පිළිබඳව කරුණු සොයා බලා සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීය.
පෝෂණ අතිරේකයක් දරුවන්ට ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත් මේ සඳහා අවශ්‍ය උපරිම ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරන බවද ඔහු සඳහන් කළා.
ත්‍රිපෝෂ සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී රජයට අමතරව පෞද්ගලික අංශයේ ඇතැම් ආයතන ද එකඟවී ඇතැයි අමාත්‍යවරයා පැවසීය













