විදේශ රටක නිෂ්පාදිත බලපත්ර නොමැතිව පිස්තෝල අවියක් උණ්ඩ දෙකක් සහිත මැගසිනයක් තම සන්තකයේ තබාගෙන සිටි යුද හමුදාවේ සිට සේවය අතහැර දමා පැමිණි පුද්ගලයකු ඇහැලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.අවිස්සාවේල්ල ප්රදේශයේ දී පදිංචි 37වන වියේ පසුවන්නෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිස්තෝල අවියේ අවි අංකය සඳහන් කොටසේ අංකය මකා දමා ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර එම පුද්ගලයා සහ ගිනි අවිය භාර දී තිබෙනවා.













