පොලිස් වෙඩිල්ලෙන් මියගිය ගම්පහ කොල්ලකරුගේ බිරියත් පොලිස් අත්අඩංගුවට

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියකින් ඇන එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු ඊයේ (29) රාත්‍රියේ පොලිස් වෙඩි පහරට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බව පොලිසිය අද (30) පෙරවරුවේ නිවේදනය කළා.

සිද්ධියට සම්බන්ධ සැකකරු කොටුගොඩ, මදුරුවිට ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය එහි ගිය අවස්ථාවේ දී සැකකරු විසින් පොලිසියට පිහියකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

මියගිය සැකකරු 35 හැවිරිදි වියේ පසු වූ පහළගම, ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

මේ අතර සැකකරු විසින් ඝාතනය සිදුකර අවස්ථාවේ දී සැකකරු සමඟ පැමිණි ඔහුගේ 26 හැවිරිදි බිරිඳ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මංකොල්ලකෑම, මනුෂ්‍ය ඝාතනයකට අනුබලදීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් දෙදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී ඇති අතර, මියගිය සැකකරුට එරෙහිව තවත් අපරාධ කිහිපයක් යටතේ අධිකරණයේ නඩු විභාගවෙමින් පවතින බවයි වාර්තා වුණේ.

පසුගිය 20 වනදා සැකකරු විසින් ගම්පහ – පහළගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට යාමේ දී, එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ පුත්‍රයාට සහ සැමියාට සැකකරු තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

මෙම ප්‍රහාරයෙන් අදාළ කාන්තාවගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වූ අතර, සැමියා බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17