හෙට උදේ 6.30ට පාරට එන්න ජනාධිපති මාධ්‍ය අංශයෙන් ජනතාවට ඇරයුමක්

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට ඇරයුමක් සිදුකර තිබේ.ආසියානු ක්‍රිකට් ශූරයන් සහ දැල්පන්දු ශූරියන් පිළිගැනීමට එක්වන රැස්වන ලෙසටයි.

ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇත.

උදෑසන 6.30 සිට එම කණ්ඩායම් වෙත සුබපැතුම් එක්කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා මාර්ගය දෙපස එක්රැස්වන ලෙස ජනතාව වෙත ඇරයුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ රථ පෙළපාළියකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිතය .

මෙම රථ පෙළපාළිය ක්‍රීඩා අමාත්‍යාංශය , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන අතර ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම්වල නිල අනුග්‍රාහකයින් වන ඩයලොග් ආසි ආටා සමාගම ඊට සමාදර අනුග්‍රහය දක්වයි . එම අවස්ථාව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ බොහෝ පෞද්ගලික රූපවාහිනී නාළිකා විසින් වරින් වර සජීව විකාශය කරනු ලැබේ

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් උදෑසන 6.30 ට ආරම්භ කිරීමට නියමිත රථ පෙළපාළිය කොළඹ – මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය , මරදාන හන්දිය , ඩාර්ලි පාර , යූනියන් පෙදෙස , ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙන අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධානය කර තිබේ . මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තබමින් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කෙරේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25