77 වන නිදහස් දිනය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

එළඹෙන 04 වනදාට යෙදෙන 77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පළමු වනදා සිට සතියක කාලයක් සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තැබීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව දින දෙකක කාලයක් රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට ද තීරණයක් ගෙන තිබුණා.

කෙසේ වෙතත් එම තීරණය වලංගු කිරීමටයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මේ වනවිට තීරණය කර ඇත්තේ.

අනවශ්‍ය ලෙස විදුලිය අපතේ යාමක් මෙමඟින් සිදුවන බවට රාජ්‍ය ආයතනවලින්ම ආ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන එම තීරණය අත්හිටුවීමට කටයුතු කළ බවයි අමාත්‍යාශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?