7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා

මේ දිනවල කොරෝනා වැලදුණ රෝගියෙක් කියන්නේ කවුරුත් බයවන ලගටවත් යන්න බය හිතෙන කාරණයක්. කොරෝනා රෝගය වැලදුණ කෙනකු රැකබලා ගැනීමට තම සහෝදරයන්වත් ඉදිරිපත් වීමට බියවන සමාජ වට පිටාවක් තුල තමාගේ හොඳම මිතුරිය තම නිවසේ දින පහක කාලයක් රඳවා තබාගෙන ඇයට සියලු සත්කාර සිදුකළ දියණියක් පිළිබඳව ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අපට වාර්තා වුණා. මේ පුංචි දැරිය ගාල්ල, කලේගාන පදිංචි ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබන කේ. එච්. හංසනි යශෝධා නමැති කුඩා දැරියයි. ඇගේ එකම පංතියේ හොදම මිතුරිය වන ගාල්ල සපුමල් පෙදෙසේ පදිංචි එච්. එන්. විශ්මි විහංගාද යශෝධා කුඩා දැරියයි.

විශ්මී විහංගා දියණියගේ මවට හදිසි සැත්කමක් සිදු කිරීම සඳහා ඇය ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට සිදුවිය. එහිදී ගාල්ල රේවත පිරිවෙනේ ගුරුවරයකු වන ඇයගේ පියා තමන්ගේ එකම දරුවා වන විශ්මි විහංගා නතර කර යන්නේ ඇයගේ හොඳම මිතුරිය වන හංසනී යසෝධාගේ නිවෙසේය. විශ්මී විහංගා දියණියගේ මවට සැත්කමට පෙර සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයේදී එම මව කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනුණු අතර, අනතුරුව ඇයගේ පියාටද සිදුකළ පරීක්‍ෂණයේදී ඔහුද කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබිණි. ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර අනතුරුව විශ්මී විහංකා දියණියට සිදුකළ පරීක්‍ෂණයේදී ඇයටද කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු විය. ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන විට දින පහක කාලයක් ඇය හංසනී යසෝධා දියණියගේ නිවෙසේ ගතකර තිබිණි. හංසනී යසෝධා දියණියත් ඇයගේ මව, පියා සහ සොහොයුරන් සියලු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා ඔවුන් කිසිවකුත් කොරෝනා වසංගතයට ලක් නොවිණි.

මේ පුංචි හංසනී යසෝධා දියණිය සිදුකළ මේ උතුම් ක්‍රියාව අගය කරමින් ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේදී විශේෂ ඇගැයීමේ උළෙලක් ද සංවිධානය විය. බාලදක්‍ෂිකා සංගමය මගින් වසරක් පුරාවට අවශ්‍ය සියලු පාසල් උපකරණ ඇයට පරිත්‍යාග කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09