5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය තවත් ප්‍රදේශ දෙකකින් පිටවෙලා – පැමිණිලි අරං මව්පියෝ හෙට බත්තරමුල්ලට

පෙරේදා (15) දිනයේ දී නිමාවට පත් වූ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය වේලාසනින් ම පිට වීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් අලව්ව සහ වරකාපොළ ප්‍රදේශවලින් ද වාර්තා වනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට එම ප්‍රදේශයේ දෙමව්පියන් පිරිසක් හෙට (18) උදෑසන 8.30ට කෑගල්ල අධ්‍යාපන කාර්‍යාලයට සහ තවත් කණ්ඩායමක් බත්තරමුල්ල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බවයි.

මෙම සිදුවීමට ගුරුවරුන් දෙදෙනකු සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දූරකථනයකින් ඡායාරූපගත කර එය බෙදා හැර ඇති බවට ඊයේ (16) දිනයේ දී ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු සයදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවට ජාතික පුවත්පත්වල සහ වෙබ් අඩවිවල වාර්තා වුණා.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ අනුරාධපුර, රත්මලේතිස්ස විදුහලේදී වන බවත්; ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වූයේ.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක් ව සිටින බවට තොරතුරු වාර්තා වුණා.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිහිපයකට යවා ඇති බවට ද හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
18
+1
11
+1
4
+1
15
+1
8
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?