5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකළ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන්ට ලබාදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා අද (07) දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කුරුණෑගල – තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 58 හැවිරිදි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයකු වන ඊ.ජී.එස්.තිත්තවැල්ල නමැති 05 වසර ශිෂ්‍යත්ව සැකසීමේ කමිටුවේ සාමාජිකයෙකු සහ අලව්ව – තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි රජයේ පාසලක ගුරුවරයකු මෙන්ම ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරයෙක් බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බවත් උපකාරක පන්ති ගුරුවරයා විසින් අදාළ ප්‍රශ්න බෙදා හැරීමට යොදාගත් පරිගණක සහ ජංගම දුරකතන තවදුරටත් පරීක්ෂා කරන බැවින් මෙම සැකකරුට ඇප ලබාදීම විමර්ශන කටයුතු සඳහා බාධාවක් විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූ බවයි.

එසේම අදාළ ප්‍රශ්න කිහිපය අකුරු කිරීම සඳහා සැකකරුවන් විසින් ලබාදුන් ස්ථානය ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් තවත් කරුණු රාශියක් අනාවරණය වෙමින් පවතින බවත් මෙහිදී හෙළිදරව් කෙරුණා.

මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැලඹීමක් ඇති විය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමේ සඳහන්.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?