5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකළ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන්ට ලබාදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා අද (07) දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කුරුණෑගල – තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 58 හැවිරිදි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයකු වන ඊ.ජී.එස්.තිත්තවැල්ල නමැති 05 වසර ශිෂ්‍යත්ව සැකසීමේ කමිටුවේ සාමාජිකයෙකු සහ අලව්ව – තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි රජයේ පාසලක ගුරුවරයකු මෙන්ම ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරයෙක් බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බවත් උපකාරක පන්ති ගුරුවරයා විසින් අදාළ ප්‍රශ්න බෙදා හැරීමට යොදාගත් පරිගණක සහ ජංගම දුරකතන තවදුරටත් පරීක්ෂා කරන බැවින් මෙම සැකකරුට ඇප ලබාදීම විමර්ශන කටයුතු සඳහා බාධාවක් විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූ බවයි.

එසේම අදාළ ප්‍රශ්න කිහිපය අකුරු කිරීම සඳහා සැකකරුවන් විසින් ලබාදුන් ස්ථානය ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් තවත් කරුණු රාශියක් අනාවරණය වෙමින් පවතින බවත් මෙහිදී හෙළිදරව් කෙරුණා.

මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැලඹීමක් ඇති විය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමේ සඳහන්.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?