5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේ දී සරල කිරීමට සැලසුම්

එළඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට ඒ  යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසී ය.  

2023 වර්ෂයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,  ඉදිරියේ දී  විභාගවලින් ලකුණු  සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදු නොකරන බවයි. සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේ දී සිදුකරන ඇගයීම්වලින් 30% ක් ලකුණු ලබාගත යුතු බවත්, මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙහි දී ගුරුවරුන් පක්ෂග්‍රාහී ව කටයුතු කරනු ඇති බවට  ඇතැම් දෙමව්පියන් විවේචන එල්ල කළ හැකි බව ද, එහෙත් එවැනි තත්වයන්ට ඉඩක් නොමැති බව ද, සියල්ලට පෙර දෙමව්පියන් සහ සිසු දරුවන් අතර ගුරුවරුන් කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ගොඩනංවා ගැනීම වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය,

පාසල් තුළ පන්ති කාමරවල සිසුන් ඇගයීමට ලක් කරන අයුරු පාසල් මණ්ඩල මගින් අධීක්ෂණයට ලක්කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, හොඳම අධ්‍යාපනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන ෆින්ලන්තයේ පවා 9 ‍වැනි ශ්‍රේණිය තෙක් පාසල්වල යොදාගනු ලබන්නේ පන්තිකාමර මට්ටමින් කෙරෙන ඇගයීම් පමණක් ‍බව ද එරට පාසල් සිසුන් විභාග මගින් ඇගයීමට ලක්කරනු ලබන්නේ 9 ශ්‍රේණියේ සිට බව ද පැවසීය.

මෙහි දී 2022 වසරේ පවත්වන ලද අ.පො.ස  සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන් ම වැඩිම ලකුණු ලබාගත් සිසුන්  සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුන් 20  දෙනෙකු ඇගයීමට ලක්කරන ලදී. ජයග්‍රාහී සිසුන් වෙත ලැප්ටොප් සහ ටැබ් යන්ත්‍ර ලබාදීම සඳහා අබාන්ස් ආයතනය විසින් අන්‍රගාහක දායකත්වය සපයන ලදී‍



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18