17 හැවිරිදි පෙම්වතියට වෙඩි – වෙඩි තැබූ පුද්ගලයා පළා යයි

මින්නේරිය පොලිස් වසමේ, ගිරිතලේ, යාය 04 ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 17 හැවිරිදි තරුණියක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඇයව අනුරාධපුර රොහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ තරුණිය දැනට වසර දෙකකට පමණ සිට ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව මැය ඔහු සමඟ කලක් එකම නිවසක වාසයකර ඇති අතර එහිදී ඇයට එම පුද්ගලයාගෙන් සිදු වූ හිරිහැර ඉවසාගත නොහැකිව මීට සති කිහිපයක පෙර යළි තම මව්පියන්ගේ නිවසට පැමිණ තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා විසින් ඇයට යළි තමන් වෙත පැමිණෙන ලෙස අවස්ථා කිහිපයක දී තර්ජන සිදුකර ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඊයේ (14) දින රාත්‍රියේ අදාළ තරුණිය සහ ඇයගේ මව අසල පිහිටි ඥාති නිවසක තිබූ උත්සවයකට සහභාගී වී ඇති අතර, එම අවස්ථාවේ දී ඇය මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

තරුණියගේ ඥාතීන් පැවසුවේ තරුණිය සමඟ සම්බන්ධතාව පැවැත්වෙන ගිය පුද්ගලයා මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැකයක් පවතින බවයි.

වෙඩි තැබීමෙන් තරුණියගේ ගෙළ ප්‍රදේශයට බරපතල හානි සිදුව ඇති බව සඳහන්.

සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි මින්නේරිය පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති - යුරෝපයට යැවෙන ප්‍රථම උභයජල යාත්‍රාව
01:41
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - කැමරාව දිහාවත් නොබලා යන හැටි
00:44
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි..උණුසුම් තත්ත්වයක්.."හෙ# ග#නවා මහත්තයෝ"
02:55
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10