පුතුගේ මනාලියගේ උපන් ලපය දුටු ‘මව’ ඇයගේ නැති වූ දියණිය බව සොයාගනී (Video)

මීට වසර 20කට පමණ පෙර තම දියණිය අහිමි වූ නැගෙනහිර චීනයේ කාන්තාවකට නොසිතු ලෙස ඇය යළි හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මාර්ගය අසළ සිටියදී ඇයව කිසිවකු හෝ රැගෙන ගොස් ඇති බවටයි විශ්වාස කර සිටියේ.

දියණිය අතුරුදන් වී අවුරුදු 20කට පමණ පසු පසුගිය මාර්තු 31 වෙනිදා ඇගේ වැඩිමහල් පුත්‍රයාගේ විවාහ උත්සවයේදී නොසිතු දෙයක් සිදුව තිබෙනවා.

ජියැන්ග්සු පළාතේ සුෂෝ හි පැවති පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේදී මනාලියගේ අතේ තිබු උපන් ලකුණක් කාන්තාව දුටු විට එය ඇගේ දිගු කලක් අහිමි වූ තම දියණියට සමාන වූ ලකුණක් බව ඇයට හැඟී ගොස් තිබුණා.

මෙම කාන්තාව, “මනාලියව දරුකමට හදා ගත්තේ”දැයි මනාලියගේ දෙමව්පියන්ගෙන් විමසා තිබෙනවා.

ඇගේ කතාව සහ සමාන උපත් සලකුණු පැහැදිලි කිරීමෙන් පසුව මනාලියගේ දෙමව්පියන් තම දරුවා දරුකමට හදාගත් බව සනාථ කර ඇති අතර ඉන් අනතරුව අනෙක් විස්තරද සොයා බැලීමේදී අනාවරණය වි ඇත්තේ ඇය අතුරුදන් වූ දියණිය බවයි.

චීන සමාජ මාධ්‍යවල වේගයෙන් ව්‍යාප්ත වන මෙම සිදුවීමේ ඡායාරූපවල මනාලිය හඬමින් දිගු කලක් සොයාගත නොහැකිව සිටි මවව තදින් වැළඳගෙන සිටිනු දක්නට හැකිවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
279
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10