Update – මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී – රුසියාවේ ජාතික ආරක්ෂාවත් තර කෙරේ

අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 145 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මොස්කව්හි ක්‍රොකස් සිටි ශාලාවට එල්ල වූ නිර්ලජ්‍ය ප්‍රහාරයේ වගකීම ISIL (ISIS) කණ්ඩායම භාරගෙන තිබෙනවා.

ස්වයංක්‍රීය ආයුධ සහිතව ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් පස්දෙනෙක් රැස්ව සිටි පිරිසට වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා පළාගොස් තිබුණේ සුදු පැහැති මෝටර් රථයකින් බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිසෙන් 60 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රුසියානු සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ.

ප්‍රහාරකයින් විසින් ගොඩනැගිල්ල තුළ සිදුකළ පිපිරීම්වලින් ඒ තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එමඟින් ශාලාවේ
වහලයේ කොටසක් කඩා වැටී ඇති නමුත් මේ වන විට ගින්න නිවාදමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජනපදය ධවල මන්දිරය රුසියාවට මොස්කව්හි “විශාල රැස්වීම්” වෙත මෙම මස මුල දී සිදුවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව මීට පෙර අනතුරු ඇඟවා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රහාරයට රුසියාව සමඟ යුද්ධයකට පැටලී සිටින යුක්‍රේනයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද ධවල මන්දිරය සඳහන් කර තිබුණා.

රුසියානු ආරක්ෂකයින් ප්‍රහාරකයන් සොයමින් සිටින අතර, පුද්ගලයින් ඒකරාශිවීමේ සියලු ක්‍රියාකාරකම් මේ වනවිට රුසියාව තුළ අවලංගු කරමින් ජාතික ආරක්ෂාව තරකර තිබෙනවා.

මේ අතර ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙතෙක් ජාතිය අමතා නොමැති අතර, ඔහුගේ නියෝජ්‍යයෙකුට අනුව තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13