2030 දී ගුවන් හමුදා භටයින්ට කරන්න යන දේ

2030 වසර වන විට මෙරට ගුවන් හමුදාවේ භට පිරිස් සංඛ්‍යාව 35,000 සිට 18,000 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පවසන්නේ ආරක්ෂිත කැමරා තාක්ෂණය හා AI තාක්ෂණය ඇතුළු තාක්ෂණය භාවිත කරමින් හා ඩ්‍රෝන කාත්ෂණය යොදගෙන භටයෙකු විසින් ලබා දෙන සේවය ලබා ගැනීමට හැකිවන බවයි.

ඊයේ (10) ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මෙසේද කීය.

“CCTV කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. AI තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. අපි දැනට තියෙන තාක්ෂණය යොදාගෙන අපිට පුළුවන් භට පිරිස් අඩුකරන්න. උදාහරණයක් විදියට අපේ එක එයාර්බේස් එකක් කිලෝමීටර් ගණනාවක් සමහරවිට. කිලෝමීටර් 10ක් වගේ වුණොත් අපි භටයින් කී දෙනෙක් නවත්වන්න ඕනේ ද? ඒවට අපිට කැමරා වගේ දේවල් යොදාගෙන, තොරතුරු තාක්ෂණය යොදාගෙන හා ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්න පුළුවන්. ඉස්සර එක භටයෙක් ඉදිරි බලාගෙන ඉන්නවා යම් සීමාවක. නමුත් අපිට ඩ්‍රෝන යානාවක් යොදාගෙන කිලෝමීටර් 5ක් විතර බලාගන්න පූළුවන් එකවර. බොහෝම සරල තාක්ෂණයක් යොදාගෙන අපේ භටපිරිස් ප්‍රමාණය අඩුකරන්න තමා අපි බලන්නේ. ඒ වගේම අපි තාක්ෂණයෙන් ඉදිරියට යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ දවස්වල අපි 35,000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂරතාවය අපි බලාපොරොත්තු වෙනවා 18,000ක් වගේ පිරිසක් යොදාගෙන ඊට වඩා ඉදිරියට ගිය මෙහෙයුම් සාක්ෂරතාවයක් සිදුකරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
7
+1
17
+1
5
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?