2030 වන විට අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 36ක්

2030 වසර වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක ඉලක්කය කරා මෙහෙයවීම මීළඟ අභියෝගය බව කර්මාන්ත අමාත්‍යය සුනිල් හඳුන්හඳුන්නෙත්ති පවසනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා වාර්ෂිකව 10%ක වර්ධන වේගයක් පවත්වා ගත යුතු අතර, ඒ වෙනුවෙන් අපනයනකරුවන්ට පවතින පරිපාලනමය බාධා සහ තීරු බදු ගැටලු ඉවත් කිරීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අපනයන සංවර්ධනය කොළඹට පමණක් කේන්ද්‍ර නොකර දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන අතර, එහිදී ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන් පුහුණුකර නිෂ්පාදකයන් දිරිමත් කරනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම වසරේ දී පැවැත්වීමට නියමිත දැවැන්ත ප්‍රදර්ශනය හරහා ලාංකේය නිෂ්පාදනවල අභිමානය මුළු ලෝකයටම පෙන්වීමට අප සූදානම් බවත් අමාත්‍ය හඳුන්නෙත්ති පැවසුවා.

මේ අතර 2025 වර්ෂයේ දී ශ්‍රී ලංකා අපනයන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් කරමින්, ඇමරිකානු ඩොලර් බිලියන 14.2 ක වාර්තාගත ඉහළම ආදායම උපයා ගැනීමට අප සමත් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ 33 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලට ඊයේ (14) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27